ඇමෙරිකා රජය තවමත් අඩපණයි
ඇමෙරිකා රජය තවමත් අකර්මණ්‍ය වී ඇති බවත්, එම තත්ත්වය පහව යෑමට තවත් දින කීපයක් ගත වනු ඇති බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.
ඇමෙරිකා රජය අකර්මණ්‍ය වී ඇත්තේ අයවැය සම්මත කර ගැනීමට නොහැකිවය. අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුව, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යෝජිත දේශසීමා තාප්පයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය නොලැබීමත් සමඟය. මෙම දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ගෙන් පමණක් නොව, ට්‍රම්ප්ගේ ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයන් පවා විරෝධය එල්ල වී තිබේ.
අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමත් සමඟ මේ වනවිට සියයට 25 ක් රාජ්‍ය ආයතන සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම අඩපණ වී ඇතැයි වාර්තා වේ. අකර්මණ්‍ය වූ ආයතන අතර, ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව පමණක් නොව, ස්වදේශ ආරක්ෂක කටයුතු අමත්‍යාංශය ද වෙයි. මෙම ආයතනවල නිලධාරීන්ට වැටුප් ගෙවීම මේ වනවිට ගැටළුවක් වී තිබේ. ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දී ඇත්තේ, ලක්ෂ අටක ෆෙඩරල් සේවකයන් පිරිසකට වැටුප් අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවය.
(ඒ.එෆ්.පී.)

