ඇමෙරිකා යුද නැව් තායිවානයට
ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා යුද නැව් දෙකක් තායිවාන සමුද්‍ර සන්ධියට සේන්දු විය. ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
චීනය සහ තායිවානය පමණක් නොව, චීනය සහ ඇමෙරිකාව අතරේ ද අර්බුදයක් පවතී. ඇමෙරිකන් යුද නැව් තායිවාන සමුද්‍ර සන්ධියට සේන්දු වීමත් සමඟ ඇමෙරිකාව සහ චීනය අතර පවතින නිරවි වෙළෙඳ යුද්ධය තවත් උත්සන්න වීමේ අවදානමක් ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
ස්වාධීන රාජ්‍යයක් වීමට තායිවානය උත්සාහ කරන නමුත්, චීනය තවමත් සලකන්නේ දූපත් රාජ්‍යයක් වන තායිවානය ඔවුන්ගේ කොටසක් කියාය. මීට සති කිහිපයකට පෙර චීන ජනාධිපති ෂී ජින් පින් පවා කියා සිටියේ තායිවානය චීනයේ කොටසක් බවත්, එය වෙනස් කිරීමට කිසිවකුට නොහැකි බවත්, එසේ කිරීමට කිසිවකුටවත් ඉඩක් නොදෙන බවත්ය.
මේ වනවිට තායිවානයේ බලයේ සිටින්නේ, තායිවාන නිදහස් පක්ෂයයි. ජනාධිපතිවරිය සායි ඉන්ග් වෙන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ යහපත් සබඳතා පවතී. සායි ඉන්ග් වෙන් තායිවාන ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේදීය.
තායිපේහිදීය
(රොයිටර්ස්)

