ඇමෙරිකා පාසලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ ඩෙන්වර් ප්‍රාන්තයේ ‘හයිලැන්ඞ් රෑන්ච්’ උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබූ ගණන 7 කි.

වෙඩි තැබීම සඳහා ගැටවරයෙක් සහ තරුණයෙන් පැමිණ ඇත. මොවුන් දෙදෙනාම මෙම පාසලේ සිසුන් බව පරීක්ෂණ පවත්වන ඩග්ලස් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය පවසයි. දෙදෙනා කොරලාඩෝ ප්‍රාන්තයේ වේලාවෙන් සවස 2 ට පමණ පාසලට ඇතුළු වී, වෙන් වෙන්ව ගොස් පාසල ඇතුළේ ස්ථාන දෙකක කලහ කර ඇත්තේ වෙඩි තවමිනි.

එම අවස්ථාවේදී ෆෙරිෆ් කාර්යාලයේ නිලධාරීන් කඩිනමින් පැමිණ පාසල වට කර ඇත. පාසගට ඇතුළුවීමෙන් පසු ෂෙරිෆ් නිලධාරීන්, වෙඩික්කරුවන් දෙදෙනා වට කර වෙඩි තැබූ බවත්, ග්‍රහණයේ සිටි සිසුන් මුදා ගැනීඹට හැකිවුණු බවත් පැවැසෙයි. වෙඩි තැබීම කළ ගැටවරයා සතුව පිස්තෝලයක් තිබී හමුවිය.

‘හයිලැන්ඞ් රෑන්ච්’ උසස් පාසල පිහිටා ඇත්තේ ‘කොලම්බීන්’ උසස් පාසලේ සිට කිලෝ මීටර් 8 ක් දුරිනි. මීට වසර 20 කට පෙර, ‘කොලම්බීන්’ උසස් පාසලේ වෙඩි තැබීමක් විය. එය ඇමෙරිකන් ඉතිහාසයේ ඇමෙරිකන් පාසලක් තුළ සිදුවුණු දරුණුතම වෙඩි තැබීම මෙය ලෙස සැලකෙයි.

ඩෙන්වර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS