ඇමෙරිකා-දකුණු කොරියා වාර්ෂික යුද අභ්‍යාස නවත්වයි
උතුරු කොරියාව සමඟ සබඳතා වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී, සෑම වසරකම මහා පරිමාණයෙන් පවත්වන යුද අභ්‍යාස නැවැත්වීමට තීරණය කර තිබේ.
ඇමෙරිකාව ගත් මෙම තීරණයට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ කැමැත්ත හිමි වී ඇති බව ද පැවැසෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, හැනොයි නුවරදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ පැවැති හමුවෙන් පසුවය. එම හමුව, එකඟත්නයකින් තොරව අවසන් විය.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී, වාර්ෂික යුද අභ්‍යාස පවත්වන්නේ වසර ගණනාවක සිටය. ඇමෙරිකන් සොල්දාදුවෝ 30,000 ක් පමණ දකුණු කොරියානු සොල්දාදුවන් සමඟ එක් වී මෙම යුද අභ්‍යාසය සිදු කරයි. ඒ, උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමටය.
කෙසේ නමුත් මේ වනවිට උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැමැත්ත පළ කර ඇති අතර, දකුණු කොරියාව සමඟ ද යහපත් සබඳතා ආරම්භ කර තිබේ.
සෝල්හිදීය (රොයිටර්ස්)

