ඇමෙරිකා තානාපති කාර්යාලය අසල බෝම්බයක් පිපිරේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය අසල වීදියේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 30 කි.
එය මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් බවත්, තලේබාන් ත්රස්තවාදීන් ප්රහාරයේ වගකීම බාරගෙන ඇති බවත් වාර්තා වේ. බෝම්බ ප්රහාරය එල්ල වූයේ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාම කතා පැවැත්වෙද්දීය.
කාබුල්හිදීය (රොයිටර්ස්)

