ඇමෙරිකා ජනපති ට්රම්ප් පාකිස්තාන ඉම්රාන් හමුවෙති

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ සමුළුවට සහභාගී වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර හමුවක්, මහ සමුළුවට සමගාමීව පැවැත්විණි.
ඇෆ්ගන් තලේබාන් සාම කතාවලින් ඇමෙරිකාව ඉවත්වීම සහ ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් සහ ඇමෙරිකා ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.
තලේබාන් සාම කතා නැවැත්වීමට ඇමෙරිකන් ජනපති ට්රම්ප් තීරණය කිරීම සම්බන්ධයෙන් ඉම්රාන්, ට්රම්ප්ට කනස්සල්ල පළ කළේය. ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ගේ අයිතීන් සුරැකීමට ඉන්දීය රජයට බල කරන්නැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඇමෙරිකන් ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
නිව්යෝක්හිදීය (රොයිටර්ස්)

