ඇමෙරිකා එන්නත් දිළිඳු රටවලට?
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට, ඇමෙරිකා ඖෂධ නිෂ්පාදන සමාගම් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිලදී ගෙන ලොව දිළිඳු රටවලට නොමිලේ බෙදා දීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, කැනඩාව සහ සිංගප්පූරුව ඔවුන්ගේ එන්නත් වැඩසටහන් ආරම්භ කර ඇත්තේ, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක්’ සමාගම එක්වී නිපදවා ඇති ‘කොවිඩ් 19’ ආසාදනය වීම වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත ජනතාවට ලබා දෙමිනි.
ඊට අමතරව ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණ සමාගම ද සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දෙන ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, එයට ද ඉදිරියේ දී රටවල් රැසක අනුමැතිය ලැබීමට නියමිතය. ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇති අතර, ඉදිරියේ දී එම එන්නත්වලට අනුමැතිය ලබා දීමට ද ලෝක සෞඛ්‍ය සංවිධාන බලාපොරොත්තු වෙයි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වී ඇත්තේ ධනවත් රටවල් මෙන්ම දිළිඳු රටවල්වලට ද එක සමාන අයුරින් සාර්ථක එන්නත් ලබා දීමය. පහසු මිලට එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්, ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගම් ප්‍රධානීන් අතරේ සාකච්ඡා ආරම්භ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් මිලදී ගෙන ඒවා දිළිඳු රටවලට නොමිලේ බෙදා හරිනු ඇත්තේ, ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ සහාය ඇතිව යැයි පැවැසෙයි.
ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)

