ඇමෙරිකා උප ජනපති මයික් පෙන්ස් ජපානයේ

දකුණු කොරියාවේ සංචාරය අවසන් කරමින්, ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයේ ටෝකියෝ නුවරට පැමිණියේය.
උතුරු කොරියාවේ තර්ජන හමුවේ ජපානයට හැකි සෑම සහායක්ම ලබා දෙන බවට ජපන් අගමැති ෂෙන්සෝ අබේ හමුවී උප ජනපති මයික් පෙන්ස් පොරොන්දුවක් ලබා දුන්නේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු සහ මියසිල අත්හදා බැලීම් දකුණු කොරියාවට පමණක් නොව ජපානයට ද තර්ජනයක් වී තිබේ.
උප ජනපති ධුරයට පත්වීමෙන් පසු මයික් පෙන්ස් ජපානයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
(රොයිටර්/ඒ.එෆ්.පී.)

