ඇමෙරිකාව විවෘත කරන්න ට්‍රම්ප් සූදානම්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් වසා දැමුණු ඇමෙරිකාවේ ප්‍රාන්ත, පළාත් සහ නගර ක්‍රමාණුකූලව අදියර තුනක් යටතේ යළි විවෘත කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

‘ඕපනින් අප් ඇමෙරිකා අගේන්’ යනුවෙන් නම් කළ මෙම ක්‍රියාවලිය මගින් කඩා වැටුණු ඇමෙරිකන් ආර්ථිකය යළි පණ ගැන්වීමට තමන් අපේක්ෂා කරන බවත්, මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ජනපද ආණ්ඩුකාරවරුන්ගේ සහාය ලබා ගනිමින් බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත.

මීට පෙර ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ තමන් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවත්, තමන් ගන්නා තීන්දු තීරණවලට ජනපද ආණ්ඩුකාරවරුන් යටත් බවත්ය. කෙසේ නමුත් ආණ්ඩුකාරවරුන්ගෙන් මීට දැඩි විවේචන එල්ල විය. ‘කොවිඞ් 19’ වයිරසය ඇමෙරිකාවේ පැතිරෙද්දී, ප්‍රාන්ත ලොක්ඩවුන් කිරීමට ට්‍රම්ප් මන්දගාමී විය.

එම අවස්ථාවේදී ආණ්ඩුකාරවරුන් මැදිහත් වී ඔවුන්ගේ බලතල භාවිත කරමින් ප්‍රාන්ත නගර සහ පළාත් ලොක් ඩවුන් කිරීමට කටයුතු කළේය. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය යම්තාක් දුරකට අඩු වූ බව පැවැසෙයි.

චීනයෙන් පසු වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. මේ වනවිට ඇමෙරිකාවෙන් ආසාදිතයන් 6,00,000 වැඩි පිරිසක් හමුවී ඇති අතර මරණ 32,000 පසු කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS