ඇමෙරිකාව පුරා විරෝධතා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්ති මුල්කොට ගනිමින්, ඊට විරෝධය දක්වමින්, ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පැවැත්විණි.

ට්‍රම්ප්ගේ මෙම නව සංක්‍රමණික නිීති හේතුවෙන්, මෙක්සිකෝ දේශසීමාවේ, කුඩා දරුවන් 2,000 ක පිරිසකට, ඔවුන්ගේ දෙමාපියන් අහිමි විය. ට්‍රම්ප්ට එරෙහිව විරෝධා ආරම්භ වී ඇත්තේ මේ නිසාය.

විවිධ දුෂ්කරතා මැද ඇමෙරිකාවට පැමිණ සිටින බොහොමයක් අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගෙන නොමැති අතර, ඇමෙරිකාවේ දී ඔවුන්ට උපන් දරු දැරියන්ට ඇමෙරිකන් පුරවැසිභාවය ලැබී තිබේ.

තම සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ, ඇමෙරිකාව සංක්‍රමණික කඳවුරක් නොවන බවත්, එසේ වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS