ඇමෙරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බලලා

එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානාවක් යොදා ගනිමින් න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලූ බව ඇමෙරිකාව කියයි. ඇමෙරිකන් හමුදාව මෙසේ අත්හදා බලා ඇත්තේ බී61-12 වර්ගයේ බෝම්බයකි. නෙවාඩා ජනපදයේ දී මෙම අත්හදා බැලීම සිදු කළේ යැයි ද වාර්තා වේ.
නියමිත ඉලක්කයට බෝම්බය හෙලීමට හැකිවුණු බවත් පුහුණු මෙහෙයුම සාර්ථක වුණු බවත් වාර්තා වේ. ඇමෙරිකාව පසුගිය 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්ත ඉලක්කයකට වාය බෝම්බයක් හෙලුවේය. ඇමෙරිකාව සතුව ඇති න්‍යෂ්ටික නොවන ප්‍රබලතම බෝම්බය එය යැයි සැලකෙයි. එම ප්‍රහාරයෙන් අයි.එස්. ත්‍රස්තයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඇමෙරිකාව මේ අයුරින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත්, න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමත් සමග තෙවැනි ලෝක යුද්ධය ඇරැඹේවි යැයි බොහෝ දෙනා තුළ බියක් හටගෙන ඇතැයි ද වාර්තා වේ.
(ප්‍රෙස් ටීවී)

