ඇමෙරිකාවේ විශ්වාස වැදගත්



උතුරු කොරියා විදේශ ඇමැති රී යොංග් හෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේ, සාමය වෙනුවෙන් යන ගමනේදී ඇමෙරිකාවේ විශ්වාසය උතුරු කොරියාවට ඉතා වැදගත් කියාය.

උතුරු කොරියාව මේ වනවිට දකුණු කොරියාව සමඟ යහපත් සබඳතා ආරම්භ කර තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ ද මිතුදම් පවතින බව පැවැසෙයි.

ඇමෙරිකාව තමන් ගැන විශ්වාසය තැබිය යුතු බවත්, පොරොන්දු වූ පරිදි තමන් න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS