ඇමෙරිකාවේ වයිරස මරණ 417 ක්



ඉතාලියෙන් පසු වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව අද (23) වනවිට  33,276 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 417 කි. 178 ක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව ද වාර්තා වේ.

වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කල්වේලා ඇතිව අනතුරු අඟවා තිබුණ ද ජනපතිවරයා වයිරසය මර්දනයට කල්තියා නිසි පියවර නොගත් බවට ඇමෙරිකන් වෛද්‍යවරු චෝදනා නගති. මාධ්‍යවේදීන් හමුවේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ‘කෝවිඞ් 19’ වයිරසය හඳුන්වන්නේ ‘චීනයෙන් ආ වයිරසය’ යනුවෙනි. මෙය මාධ්‍යවේදීන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ. මේ අතර වයිරසය හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 10 කට රැකියා අහිමි වනු ඇති බවත්, ඇමෙරිකන් ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙනු ඇති බවත් ආර්ථික විශේලේෂකයෝ බිය පළ කර ඇත.

ඉතාලිය සහ ඇමෙරිකාවට පසු වැඩිම අසාදිතයන් සහ මරණ වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙනි. ස්පාඤ්ඤයේ ආසාදිතයන් සංඛ්‍යාව 28,768 කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,772 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2,575 කි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS