ඇමෙරිකාවේ රෝහලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නුවර ශික්ෂණ රෝහලකට කඩා වැදුණු තැනැත්තකු කළ වෙඩි තැබීමකින් සිවු දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

තුවක්කුරු පිස්තෝලයක් සහ රයිෆලයකින් සන්නද්ධ වී සිටියේය. රෝහලේ ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී තුවක්කුකරු මරා දැමූ බව ද පසුව වාර්තා විය. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ශාන්ත ෆ්‍රැන්සිස් හෙල්ත් සිස්ටර් රෝහලේදීය.

වෙඩි ප්‍රහාරයට ලක්වී මියගිය සිවු දෙනා සිවිල් වැසියන් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනමින් පැවැත්වෙන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS