ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ කෙන්ටෙකි ජනපදයේ බෙන්ටොන් නගරයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි.

වෙඩි තැබීම කර ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි. එය පෙම් පලහිලව්වක් මුල්කොට ගනිමින් සිදුවුණු වෙඩි තැබීමක් යැයි සැක කෙරේ.

සිසුවා ඔහුගේ පංතියේ සහෝදර සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් වෙඩි තබා ඇති බව පොලිසිය කියයි. තුවාල මියගිය දෙදෙනාගෙන් කෙනකු 15 හැවිරිදි දැරියක බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS