ඇමෙරිකාවේ පාලමක් කඩා වැටෙයි



ඇමෙරිකාවේ පිට්ස්බර්ග් නුවර පාලමක් කඩා වැටුණි. පාලන කඩා වැටෙද්දී මෝටර් රථ 6 ක් සහ බස් රථයක් එහි ගමන් කරමින් තිබුණි.

සිදුවුණු අනතුරුන් 10 දෙනකු සුළු තුවාල ලැබූ බවත්, බරපතල තුවාල ලැබූ තිදෙනකු කඩිනමින් රෝහල්ගත කළ බවත් පසුව වාර්තා විය.

කඩා වැටුණේ හිමෙන් වැසී තිබුණු 'ෆෝබ්ස් ඇවනිව්' පාලමය.

අනතුර සිදුවන අවස්ථාවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පිට්ස්බර්ග් පැමිණ සිටියේය. ඒ, යටිතල පහසුකම් සම්බන්ධයෙන් බලධාරින් හමුවී සාකච්ඡා කිරීමටය.

අනතුර ගැන දැනගත් සැණින්, බයිඩන් ද වහා පාලම පිහිටි ස්ථානයට ගොස් විපතට පත්වූවන් ගැන සොයා බැලීමට අමතක නොකළේය.

(රොයිටර්)


RECOMMEND POSTS