ඇමෙරිකාවේ පදේට නටන්න සූදානම් නෑ

ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානම් නමුත් ඇමෙරිකාව කියන කියන පදේට නටන්න සූදානම් නැතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.
පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ වොෂිනනේ පෝස්ට් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සහ පාකිස්තානය අතර මේ වනවිට අර්බුදයක් පවතී. ත්රස්තවාදයට එරෙහි සටනේ දී පාකිස්තානයෙන් ‘සත පහක උදව්වක්’ නැතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා තිබේ.
මෙසේ චෝදනා නගමින් ඇමෙරිකාව පසුගිය කාලය පුරාවට පාකිස්තානයට ලබා දෙන්න වූ මූල්‍ය ආධාර නවතා දැමීමට ද කටයුතු කළේය.
ත්රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානය ඇමෙරිකාවට අවශ්‍ය සහාය දුන් බවත්, එසේ සහාය දීම හේතුවෙන් පාකිස්තාන සිවිල් වැසියන් තලේබාන් ඇතුළු ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත් වුණු බවත් ඉම්රාන් ඛාන් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

