ඇමෙරිකාවේ කොවිඩ් 19 මිලියන 8 ක්



ඇමෙරිකාවේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට මිලියන 8 පසුකර ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

අද (18) දින වෙද්දී, ආසාදිතයන් ගණන 8,008,402 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. සමස්ත මරණ 2,18,000 පසු කළේය. තවමත් ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 40,004,888 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 1,115,176 ක් ලෙසිණි. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 29,920,918 කි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS