ඇමෙරිකාවේ කොරෝනා මරණ 1,000 පනී



ඇමෙරිකාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 1,031 ක් යැයි වාර්තා විය.

ඇමෙරිකාවේ සෑම ජනපදයකින්ම කොරෝනා ආසාදිතයන් හමුවී ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68,572 ක් ලෙස ඊයේ වාර්තා විය.

චීනයට සහ ඉතාලියට පසු නව කොරෝනා වයිරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය වනු ඇත්තේ ඇමෙරිකාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ඉතාලියට පසු වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)

 


RECOMMEND POSTS