ඇමෙරිකාවෙන් රුසියාවට විරෝධයක්

රුසියාව සමඟ 1987 වසරේ සිට ඇති කරගත් මධ්‍ය දුර මිසයිල එකඟතාවෙන්, ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.
මෙම මිසයිල එකඟතාවට අනුව, ඇමෙරිකාවත් රුසියාවත් මීටර් 500 සිට කිලෝ මීටර් 5,500 තෙක් දුරක් විදිය හැකි මිසයිල නිපදවීම සහ අත්හදා බැලීම තහනම් කෙරුණි.
1987 දී එම එකඟතාව ඇති කර ගැනුණේ ඇමෙරිකා ජනාධිපති රොනඞ්ල් රේගන් සහ සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ් අතරේය.
රුසියාව මේ වනවිට මෙම එකඟතාව උල්ලංගනය කර ඇතැයි ඇමෙරිකාවත් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයත් චෝදනා කරයි. ට්‍රම්ප් මිසයිල එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට තීරණය කර ඇත්තේ එහෙයිනි.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

