ඇමෙරිකානු සම්බාධක අලුත් කළොත් පිළිතුරු ලැස්තියි- ඉරාන නායකයා

ඇමරිකා එක්සත් ජනපදය සිය රටට එරෙහි සම්බාධක අලුත් කරන්නේ නම් තමන් ද එයට පිළිතුරු දීමට ලෑස්ති බව ඉරාන නායක අයතුල්ලා අලි කොමේනි පැවසුවේය.
''මේ සම්බාධකය ක්‍රියාවට නැංවුවොත් ඒක පැහැදිලිවම ගිවිසුම උල්ලංඝනයක්. ඒ ගැන කිසිම සැකයක් නෑ. එහෙම වුණොත් අපිත් ප්‍රතික්‍රියා දක්වන බව ඔවුන් දැනගත යුතුයි.'' යැයි රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් ඉරාන නායකයා සදහන් කර සිටී.
ඉරාන නායකයා මේ බව කියා සිටියේ එරටට එරෙහිය සම්බාධක පැනවීමදොළව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පවතින නීතිය හෙවත් ඉරාන සම්බාධක පනත තවත් වසර 10ක කාලයක් සදහා දීර්ඝ කිරීමට ඇමෙරිකා කොංග්‍රසය පසුගිය සිතයේ සිය අනුමැතිය ලබා දීම සමබන්ධයෙන් තම ස්ථාවරය කියමිනි.
නමුත් ඔබාමා පරිපාලනය සදහන් කර සිටිනුයේ ඉරානයට අතිරේක සම්බාධක පැනවීම හැකිතාක් දුරට සීමා කළ යුතු බවය.තවද ඇමෙරිකානු සමාගම් ඉරානයේ ආයෝජනය හා ව්‍යාපාර කටයුතු කළ යුතු බවද ඔවූහු පෙන්වා දෙති.
කෙසේ නමුත් ඉස්ලාමීය රාජ්‍යය සම්බන්ධයෙන් ඇමෙරික නව ජනපති ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දරණ අන්තවාදී මත හේතුවෙන් ඉදිරියේදී ඇමෙරිකා -ඉරාන සම්බන්ධතා තවදුරටත් පිරිහී යාමේ අවදානමක් පවතින බව බටහිර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති..
(තිළිණි ද සිල්වා )
ආර්.ටී වෙබ් අඩවිය ඇසුරෙනි........

