ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මෝදි හමුවෙයි



ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි.

වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, කලාපීය සහ ගෝලීය සාමය හා ආරක්ෂාව පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා පැවැත්විණි. රූබියෝ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූයේ ඇමෙරිකා ජනාධිපතිගේ විශේෂ නියෝජිතයකු ලෙසය. ධවල මන්දිරයට පැමිණෙන්නැයි ට්‍රම්ප්, මාර්කෝ රූබියෝ අතේ අග්‍රාමාත්‍ය මෝදිට ඇරැයුමක් ද එවා තිබුණි.

රූබියෝ ඉන්දීය සංචාරය ආරම්භ කතරමින් පළමුවෙන් පැමිණියේ කොල්කටා නුවරටය. මෝදි හමුවීම සඳහා නවදිල්ලියට ගියේ ඉන් අනතුරුවය. ඊට අමතරව, රූබියෝ, ජයිපූර් සහ අග්‍රායන නගරවල ද සංචාරය කිරීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

නවදිල්ලියේ පැවැති හමුවේ දී ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදය සම්බන්ධයෙන් ද මෝදි සහ රූබියෝ අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ඉරාන යුද්ධය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය බලශක්ති අර්බුදය ඉන්දියාවට දැඩි ලෙස බලපා බව මෙහිදී අග්‍රාමාත්‍ය මෝදි පැහැදිලි කළේය. 

ඉරානය මෙන්ම ඇමෙරිකාව ද හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති බැවින්, සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහන කටයුතු මේ වන විට මුළුමනින්ම පාහේ ඇණහිට ඇත. ඒ ගැන ද විශේෂ අවනෙයක් යොමු විය.


RECOMMEND POSTS