ඇමෙරිකන් යුද නැව් දෙකක්

චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් දෙකක් තායිවාන පටු සමුද්‍ර සන්ධිය සේන්දුවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
චීනය තවමත් සලකන්නේ, තායිවානය ඔවුන්ගේ පාලනයට නතු ප්‍රදේශයක් කියාය. අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසාය.
චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකාව තායිවානයට සමීප වී ඇත.
තායිවාන ජනාධිපතිනිය සහ ඇමෙරිකා ජනාධිපති අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකන් යුද නැව් චීනය ‘අවුස්සමින්’ තායිවාන සමුද්‍ර සන්ධියට තම යුද නැව් යැවූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
(අල් ජසීරා)

