ඇමෙරිකන් යානයේ කලහ කළ සෞදි තරුණයා අත්අඩංගුවට

Saudi Arabia
ඇමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ නෑෂ්විල් නුවරට ඇමෙරිතක් ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්සීමට බල කළ සෞදි සරසවි සිසුවෙක් පසුගිය දා ඇමෙරිකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යානයේ සිටි මගීන් බියට පත් කිරීම සහ කලහ කිරීම යන චෝදනා මෙම තරුණයාට එල්ල වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී 26 හැවිරිදි මොහොමඞ් නසීර් නමැති එම සරසවි සසුවා බීමතින් සිටි බවය. තමා බීමතින් සිටි බව මොහොමඞ් නසීර් පසුව පිළිගත් බව ද වාර්තා විය. මොහොමඞ් නසීර් කලහ කර ඇත්තේ අරාබි බසින් කෑ කෝ ගසමින් යැයි ද වාර්තා වේ.
මොහොමඞ් නසීර් කළ කලහ කිරීම නිසා හදිසියේ ගොඩබෑමට සිදුවූයේ සින්සනෑටි සිට හූස්ටන් බලා ගමන් කරමින් තිබුණු ඇමෙරිකානු අභ්‍යන්තර ගුවන් යානයකි. යානයේ 56 දෙනෙක් සිට ඇත. නෑෂ්විල් නුවරට හදිසි ගොඩබෑමෙන් පසු යානය පැය ගණනක් ප්‍රමාද වී යළි හූස්ටන් නුවර බලා පියාසර කළ බව පසුව දැනගන්නට ලැබුණි.

