ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට



දින පහක් තිස්සේ ඉන්දු කාශ්මීරයට පනවා තිබූ ඇඳිරි නීතිය පැය කීපයකට ඉවත් කිරීමට ඉන්දීය රජය ඊයේ (9) පියවර ගත්තේය.

ඒ, සිකුරාදා දේවමෙහෙයට සහභාගීවීමට කාශ්මීර මුස්ලිම් වැසියන්ට ඉඩ සලසා දෙමිනි. ඇඳිරි නීතිය පැනැවූයේ ශ්‍රී නගර් නුවර, මුස්ලිම් පල්ලි ආශ්‍රිත ප්‍රදේශ කීපයකට පමණි.

ඉන්දු කාශ්මීරයට ඇඳිරි නීතිය පනවා ඇත්තේ, කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල ඉවත් කිරීමෙන් පසු ජනතා නොසන්සුන්තාවක් හට ගනීවි යැයි බියක් නිර්මාණය වූ නිසාය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS