ආසියා සංචාරය අරඹමින් ට්රම්ප් ජපානයේ

සිය ප්රථම ආසියා සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ජපානයේ ටෝකියෝ නුවරට පැමිණියේය.
ට්රම්ප් සමඟ බිරිඳ මෙලානියා ද පැමිණියාය. ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය ගොඩබෑවේ ටෝකියෝ අගනුවරට නුදුරින් පිහිටි හමුද ගුවන් කඳවුරටය.
එයාර් ෆෝස් 1 ගුවන් යානයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ප්රහාරක යානා සීරුවෙන් තැබුණි. ඒ, උතුරු කොරියාවෙන් මිසයිල ප්රහාරයක් එල්ල වීමේ අවදානයක් පැවැති හෙයිනි.
ට්රම්ප් මෙම ආසියානු සංචාරයේ නියැළෙන්නේ උතුරු කොරියාවෙන් ජපානය ඇතුළු සෙසු ආසියානු රටවලට තර්ජනයක් එල්ල වෙමින් පවතින අවස්ථාවකදීය.
විශිෂ්ට ජන වරමක් හිමි කර ගනිමින් යළි බලයට පත් වී සිටින ජපාන අගමැති ෂෙන්සෝ අබේ සහ ඇමෙරිකන් ජනාධිපති ට්රම්ප් අතර හමුවක් අද (5) සවස පැවැත්වෙනු ඇත. අගමැති අබේ සමඟ ට්රම්ප් ගොල්ෆ් ක්රීඩා කිරීමට ද නියමිතය.
ට්රම්ප්ගේ මෙම ආසියානු සංචාරය දින 12 ක් තිස්සේ පැවැත්වෙනු ඇත. ජපන් සංචාරයෙන් පසු දකුණු කොරියාවට, චීනයට, වියට්නාමයට සහ පිලිපීනයට යෑමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපතිවරයකු මේ අයුරින් වැඩිම දින ගණනක් ආසියා සංචාරයක යෙදන්නේ වසර 25 කට පසුව යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී./ඬේලිමේල්)

