ආසාදිතයෝ මිලියන 14 ක්: මරණ ලක්ෂ 6 ක්



මේ වනවිට ලොව නන්දෙසින් වාර්තා වන ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 14 පසු කර ඇති බවත් මරණ ගණන ලක්ෂ 6 පසු කර ඇති බවත් ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තාවල දැක්වෙයි.

තවමත් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. බ්‍රසීලය දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට මිලියනය ඉක්මවා ගොස් තිබේ. බ්‍රසීලයෙන් වර්තා වන ආසාදිතයන් ගණන මිලියන දෙකකි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන මිලියන 3.64 කි.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS