ආසාදිතයන් ගණන 9,776 ක්

චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය ආසාදනය වූ ගණන මේ මොහොත වනවිට 9,776 ක් යැයි පැවැසෙයි.
එයින් 9,658 ක් චීනයෙන් ද සෙසු පිරිස රටවල් 22 කින් ද හමුවී ඇත. චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ තායිලන්තයෙනි. එම සංඛ්‍යාව 14 කි.
ඉන්පසු වැඩිම කොරෝනා රෝගීන් හමුවී ඇත්තේ හොංකොං දේශයෙනි. එම සංඛ්‍යාව 12 කි.
වයිරසය ආසාදනය වී මියගිය ගණන මේ මොහොත වනවිට 213 කි. රෝගය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 187 කි.
(අල් ජසීරා)

