ආර්ථිකය විවෘත කිරීම අවදානම්



ඇමෙරිකාවට පනවා ඇති තහංචි ලිහිල් කරමින්, ආර්ථිකය යළි විවෘත කිරීමට මෙම අවස්ථාවේ කටයුතු කිරීම ඉතා අවදානම් යැයි ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය ඇන්තනි ෆවුචි පෙන්වා දෙයි.

‘කොවිඞ් 19’ ආසාදිතයකුට සමීප වූ බැවින් මේ වනවිට ෆවුචි දින 14 ක් නිරෝධායනය වී සිටින බව ද පැවැසෙයි.

චීනයෙන් පිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරදය දරුණු ලෙස ව්‍යාප්ත වන්නේ ඇමෙරිකාවේය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් උත්සහ ගන්නේ එරට ආර්ථිකය හැකි ඉක්මනින් විවෘත කිරීමටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS