ආරක්ෂාවට බලපෑමක් නෑ



ඇමෙරිකන් හමුදා ඉවත් වුවත්, ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැතැයි එරට ජනාධිපති අෂ්රාෆ් ඝානී කියයි.

ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති 7,000 ක ඇමෙරිකන් හමුදා බළඇණිය ආපසු ගෙන්වා ගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේ ඊයේ (21) ය. ඇෆ්ගනිස්තානයෙන් පමණක් නොව, සිරියාවෙන් ද ඇමෙරිකන් හමුදා ඉවත් කර ගන්නා බව ට්‍රම්ප් පවසා තිබේ.

ඇෆ්ගනිස්තානයේ එම ඇමෙරිකන් බළඇණිය රැඳී සිටින්නේ අවශ්‍ය විටකදී ඇෆ්ගන් හමුදාවට සහාය දිමට සහ ඇෆ්ගන් හමුදාවට අවශ්‍ය පුහුණුව දීමය. ඇමෙරිකන් බළඇණිය ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තයන් සමඟ යුද වදින්නේ නැත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS