ආරක්ෂක ලේකම් චීන ජනපති හමුවෙයි

ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් චීනයේ බීජීං අගනුවරට පැමිණියේය.
ඇමෙරිකා ආරක්ෂක ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවුණු අවස්ථාවේ ආරක්ෂක කටයුතු සහ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
2014 වසරෙන් පසු ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයකු චීනයේ සංචාරයක් සඳහා පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා චීනයට පැමිණියේ, ආසියා රටවල නිල සංචාරයකට එක්වෙමිණි.
වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, දකුණු චීන මුහුදේ චීනය ආධිපත්‍ය පතුරුවා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ චීනය අතර අර්බුදයක් පවතී. ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එම අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ.
ඇමෙරිකාව කොතරම් අකමැති වුනත්, තමන් අයිතිවාසීකම් කියන දකුණු චීන මුහුදේ දූපත් කිසිවක් අත් හරින්නේ නැතැයි ද චීන ජනාධිපතිවරයා ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයාට අවධාරණය කළේය. අධික වර්ෂාව සහ වැසි ජලයෙන් ගුහාව පිරෙන්න පටන් ගැනීම හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව ද පැවැසෙයි.
(රොයිටර්)

