ආරක්ෂක මණ්ඩලයේ සහාය සූ කී ට

අත්අඩංගුවට ගත් ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී වහා නිදහස් කර ඇයටත්, ඇගේ පක්ෂ සාමාජිකයන්ටත් රජයක් පිහිටුවීමට ඉඩ ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මියන්මාර හමුදා ප්‍රධානීන්ට දන්වා තිබේ.
මියන්මාර හමුදාව අවුන් සාන් සූ කී ප්රමුඛ ඇගේ ප්රජාතන්ත්රවාදී ලීගයේ පක්ෂ නායකයන් අත්අඩංගුවට ගනිමින්, රටේ බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.
ඊට හේතුව වූයේ පසුගිය 2021 නොවැම්බරයේ පැවැති මියන්මාර මහ මැතිවරණය දූෂිත එකක් යැයි හමුදාවේ සහාය ලබන විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කිරීමය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් වන්නේ ඇමෙරිකාව, රුසියාව, චීනය, මහා බි්රතාන්යය සහ ප්රංශයයි. ඊට අමතරව නිත්‍ය නොවන සාමාජිකයන් ලෙස තවත් රටවල් 15 එක් වී සිටී. එම රටවල නියෝජිතයන් රැස්වී මියන්මාරය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගත්තේ වීඩියෝ තාක්ෂණයෙනි.
එම යෝජනාවට අනුව, අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්රජාතන්ත්රවාදී ජාතික ලීගයට පූර්ණ සහාය ලබා දීමට ආරක්ෂක කවුන්සිලය තීරණය කළ අතර මියන්මාර හමුදා නායකයන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීම, සම්බාධක පැනැවීම ආදිය සිදුවනු ඇතැයි පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)

