ආධාර දෙන්න සලකා බලනවා

කොන්දේසි රැසක් යටතේ යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංධානයට මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ, එම මූල්‍ය ආධාර නැවැත්වීම ඇමෙරිකාව සිය වගකීම් පැහැර හැරීමක් බව චීනය පෙන්වා දීමෙන් අනතුරුවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ ආයතනයකි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මූල්‍ය ආධාර ලබා දීමට බැඳී සිටී. ජනපති ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම එම වගකීම පැහැර හැරීමක් බව චීනය පෙන්වා දී ඇත.
මීට පිළිතුරු දෙමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාව යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍ය ආධාර ලබා දීම සිදු කරන නමුත්, ලබා දෙන්නේ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මුදලට සමාන මුදලක් පමණක් බවත්ය. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර මුදල් වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 900 කි. චිනය ලබා දෙන්නේ මිලියන 90 ක මුදලකි.
‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. අද වනවිට වයිරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවටය. වයිරසය ඇමෙරිකාවේ දරුණු ලෙස ව්‍යාප්ත වූයේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් එය අවතක්සේරු කළ නිසා යැයි චෝදනා එල්ල වී ඇත.
කෙසේ නමුත් ජනපති ට්‍රම්ප් පෙරළා දිගින් දිගටම චෝදනා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට කන් දෙමින්, වගකීම් පැහැර හැර ඇති බවත්ය. වයිරසය ඇමෙරිකාවේ දරුණු ලෙස පැතිරුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසං කළ නිසා බවත් ජනපති ට්‍රම්ප් චෝදනා නගයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

