ආදරේ දිනූ චරිතය මිෂෙල් ඔබාමා
ඇමෙරිකානුවන් වැඩි දෙනාගේ ආදරයට ලක් වුණු ගැහැනිය බවට පත් වීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිය මිෂෙල් ඔබාමා සමත් වී ඇත.
පසුගිය වසර 17 පුරාවට ඇමෙරිකානුවන්ගේ වැඩි ආදරය දිනූ ‘ගැහැනිය’ බවට පත් වූයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන්ය. මෙම වසරේ හිලරි ක්ලින්ටන් අභිබවා ජනප්රිය වී සිටින්නේ මිෂෙල් ඔබාමාය.
ඇමෙරිකානුවන්ගේ වඩාත් ආදරය දිනූ ‘පිරිමියා’ සහ ‘ගැහැනිය’ තේරීම සිදුවන්නේ ජනමත සමීක්ෂණයකිනි. එම ජනමත සමීක්ෂණය සිදු කරන්නේ ‘ගැලොප්’ ආයතනයයි. පසුගිය වසර 11 පුරාවට ඇමෙරිකානුවන්ගේ ආදර දිනූ පිරිමියා බවට පත් වී සිටින්නේ බැරැක් ඔබාමාය.
(රොයිටර්ස්)

