ආටිමිස් යයි



ඇමෙරිකා නාසා ආයතනයේ, ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ විය. ‘ආටිමිස් 2’මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් සිවුදෙනා රැගත් ‘ඔරායන්’ කැප්සියුලය සහ ස්පේස් ලොන්ච් සිස්ටම්ස්  අති ප්‍රබල රොකට්ටුව, ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට, ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය

 ‘ආටිමිස් 2’යනු වසර 57 කට පසු, යළි සඳට මිනිසුන් රැගෙන යෑමේ නාසා චන්ද්‍ර මෙහෙයුමය. නාසා ආයතනයට අනුව මෙය පුහුණු මෙහෙයුමකි.  ගගනගාමීන් රැඟත් ‘ඔරායන්’ කැප්සියුලය සඳට ගොඩබෑමක් සිදු නොකරන අතර, එය ගගනගාමීන් ද සමග සඳ වටා ගොස් ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ඒ දින 10 කිනි.

නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන් යන දෙදෙනා සඳට පය තැබුවේ 1969 ජූලි 20 වැනිදා ඇපලෝ 11 මෙහෙයුම යටතේ ය. එම දෙදෙනා අතරින් ද පළමුවෙන් සඳට පය තැබූ මිනිසා ලෙස ඉතිහාසගත වූයේ නීල් ආම්ස්ට්‍රෝංය. ඉන්පසු 1972 දක්වා ඇපලෝ මෙහෙයුම් රැසක් සිදුවුණු අතර, තවත් නාසා ගගනගාමීන් බොහෝ දෙනකු සඳට ගොස් ආපසු පැමිණියහ.

නාසා ආයතනය ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව ක්‍රියාවට නංවා ඇත්තේ යළි සඳට මිනිසුන් රැගෙන  යෑමේ අරමුණිනි. ‘ආටිමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, ‘ආටිමිස් 3’ මෙහෙයුම ආරම්භ වනු ඇතැයි පැවැසෙයි. ‘ආටිමිස් 3’ යටතේ කාන්තාවක ද සඳට පය තැබීමට නියමිතය. ඒ ඉතිහාසයේ පළමු වරටය. ‘ආටිමිස් 3’ මෙහෙයුම 2035 වසරෙන් පසු සිදුවනු ඇතැයි ‘නාසා’ කියයි.


RECOMMEND POSTS