ආගමික නැඹුරැවක් ඇති රටවල් අතරේ ලංකාවත්

ලෝකයේ වැඩිම ආගමික නැඹුරුවක් ඇති රටවල් විස්ස අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙන බව බ්‍රිතාන්‍ය යේ පළවන ටෙලිග්රාෆ් පුවත්පත වාර්තා කර සිටී.
ඒ අනුව එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එහි පිළිවෙළින් පළමු වැනි ස්ථානයට ඉතියෝපියාවද, දෙවැනි ස්ථානයට මලාවි රාජ්‍යයද , තෙවැනි ස්ථානයට නයිගර් රාජ්‍යයද පත්ව ඇත.
වොෂින්ටනය මූලස්ථාන කරගත් ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයකට අනුව මෙය හෙළිවී ඇත.
එම සමීක්ෂණ ප්‍රතිඵල සැලකිල්ලට ගත් ටෙලිග්රාෆ් පුවත්පත වාර්තා කළේ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 99ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය.
එක් එක් රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට තිබේ. ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය යන රටවල වැසියන්ගෙන් සියයට 99ක්ම සිය ආගමට ලැදියාවක් දක්වන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.
ලොව වැඩිම ආගමික නැඹුරුවක් ඇති රටවල් 20 අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මොරිටානියා සෝමාලියාව ආගමික නැඹුරුව සියයට 98ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබේ. මීට අමතරව ඇෆ්ඝනිස්ථානය ,කොමරූස් ,ඊජිප්තුව, ගිනියා, ලාඹ්සය සහ මියන්මාරය යන රටවල් හි ආගමික නැඹුරුව සියයට 97 ක් ලෙස ද , කාම්බෝජය,කැමරූන්, ජෝර්දානය, සෙනගාලය, චැඩ් යන රටවල ආගමික නැඹුරුව සියයට 96 වශයෙන් පවතී.
ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය සියයට 74සහ ග්‍රීසිය සියයට 71වශයෙන් වාර්තා වී ඇති නමුත් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ආගමික නැඹුරුවක් පෙන්නුම් කර තිබෙන්නේ සියයට 30ක ප්‍රතිශතයක් පමණි.
ලොව පහලම ආගමික නැඹුරුවක් දක්වන රට වශයෙන් චීනය හඳුනාගෙන ඇති අතර චීන ප්‍රජාවෙන් ආගම වෙනුවෙන් නැඹුරුවක් ප්‍රදර්ශනය කොට ඇත්තේ සියයට 7ක ප්‍රතිශතයක් පමණයි.
ඊට අමතරව ජපානය, එස්තෝනියාව, ස්වීඩනය, නොර්වේ සහ චෙක් ජනරජය ලොව පහලම ආගමික නැඹුරුවක් පෙන්නුම් කරන රටවල් බවත් සමීක්ෂණයෙන් හෙළි වේ.
කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ලෝකයේ තරුණ පරපුර ආගමික නැඹුරුව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙන්වාදෙන සමීක්ෂණ වාර්තාව, අනාගතයේ රටවල ආගමික නැඹුරුවක් දක්වන ප්‍රතිශතය ඉහල යා හැකි බවට අනාවැකියක් ද පළ කරයි.
තිළිණි ද සිල්වා

