අසාත්මිකතා තියෙනවා නම් ෆයිසර් එන්නත ගන්න එපා

අසාත්මිකතා ඇතිනම්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත ලබා නොගන්නැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් එරට වැසියන්ට පවසා ඇත.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙසේ පවසා ඇත්තේ, ‘ෆයිසර්’ එන්නත ලබා ගත් කිහිප දෙනකු බරපතල ලෙස රෝගීවීම සැලකිල්ලට ගනිමිනි. අසාත්මිකතා ඇතිනම් ඒ බව වෛද්‍යවරුන්ට හෙදියන්ට පවසන ලෙසත්, එන්නත ලබා දීම හෝ නොදීම ඒ අනුව ඔවුන් තීරණය කරනු ඇති බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමත්‍යාංශය ද උපදෙස් දී තිබේ. කිහිප දෙනකු රෝගී වුවත්, එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමත්‍යාංශය ජනතාවට පැහැදිලි කර ඇත.
ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම මෙම එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි. එන්නත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට ලබාදීම ආරම්භ කර තිබේ. ඒ, හදිසි තත්ත්වයක් ලෙස සලකමින්, බ්‍රිතාන්‍ය රජයේත්, එරට වෛද්‍ය සභාවේත් අනුමැතිය ඊට හිමිවීමත් සමඟය.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙම ‘ෆයිසර්’ එන්නතට හෝ වෙන කිසිදු එන්නතකට ලබා දී නැත. ඊට හේතුව, එම එන්නත් කිසිවක්, අවසන් සායනික පර්යේෂණ තවමත් අවසන් කර නැති නිසාය.
ලන්ඩනයේදීය (රොයිටර්)

