අවුරුදු 800 කින් දකින නත්තල් තරුව



සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බෘහස්පති සහ වළලුවලින් සමන්විත අලංකාර ග්‍රහයකු වන සෙනසුරු ග්‍රහයා, පෘථිවිය සමඟ එක එල්ලයට පිහිටනු ඇති බවත් ඒ අනුව, එම ග්‍රහලෝක දෙක රාත්‍රී අහසේ දීප්තිමත්ව ‘නත්තල් තරුව’ ලෙස දකින්න ලැබෙනු ඇති බවත් ජගත් තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

බෘහස්පති, සෙනසුරු සහ පෘථිවිය මෙසේ එක එල්ලයට පිහිටනු ඇත්තේත්, බෘහස්පති සහ සෙනසුරු එකමත එක වැටීමෙන් පෘථිවි අපට දීප්තිමත් තරුවක් ලෙස දකින්න ලැබෙන්නේත් වසර 800 කට පසුවය. යළි මෙවැනි සංසිද්ධියක් දකින්න ලැබෙනු ඇත්තේ 2080 වසරේදී යැයි ද පැවැසෙයි.

මීට පෙර මෙම සංසිද්ධිය දකින්න ලැබුණේ 1226 වසරේ මාර්තු 14 වැනිදා යැයි තාරකා විද්‍යාඥයන් අතීත ග්‍රහ පිහිටීම් අධ්‍යයනය කරමින් පැහැදිලි කර තිබේ.

ජේසු බිලිඳා උපන් දිනයේ ද ‘නත්තල් තරුව’ ලෙස ද අහසේ දීප්තිමත්ව දකින්න ලැබුණේ මේ අයුරින් බෘහස්පති සහ සෙනසුරු පෘථිවිය සමඟ එක එල්ලයට පිහිටීම යැයි ද විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති. රජවරුන් තිදෙනා ජේසු බිලිඳා සොයා බෙත්ලෙහෙම් ගව ලෙනට පැමිණියේ එම ‘තරුවේ’ මඟ පෙන්වීම අනුව යැයි ඉතිහාසයේ සඳහන් වෙයි.

නාසා ආයතනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS