අවුරුදු 12 ට වැඩි දරුවන්ට මාස්ක් අනිවාර්යයි

කොරෝනා වයිරසයෙන් බේරීමට නම්, අවුරුදු 12 ට වැඩි දරුවන් ද මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැලඳිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'අවුරුදු 6 ට අඩු පොඩිත්තන්ට මුහුණු ආවරණ පලඳින්නැයි බල කළ නොහැකියි. එය ප්‍රයෝගික නැහැ. කොරෝනා වයිරසයට වයස් භේදයක් නැහැ. එහෙයින් අවුරුදු 12 වැඩි සෑම දරුවකුම මුහුණු ආවරණ පැලඳිය යුතුයි' යැයි යුනිසෙෆ් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
(රොයිටර්)

