අලුතින් ළැව් ගිනි දහසක්



බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේ මේ වනවිට අලුතින් ළැව් ගිනි 1,000 ක් ආරම්භ වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ජාත්‍යන්තරයේ බලපෑම් මත ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට බ්‍රසීල හමුදාවේ සහාය ලබා දෙන බව බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ පවසා ඇත.

ළැව් ගිනිවලින් නැගෙන දුමාරය අභ්‍යවකාශයට පවා හොඳින් පැහැදිලි ව පෙනෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අන්ත දක්ෂිණාංශික ජනාධිපති බොල්සරානෝ, බ්‍රසීල ආර්ථිකය නැංවීමේ අරමුණ ඇතිව, සමාගම් රැසකට හිතුමතේ ගස් කපා දමමින් ඇමසන් වැසි වාන්තරය එළිපහෙළි කිරීමට, ගිනි තැබීමට අවසර දී ඇත. රන් ආකර රැසක් ද ඇමසන් වනාන්තරය ආශ්‍රිතව පවතී.

ළැව් ගිනි පැතිර යෑම වේගවත් වී මහා විනාශයක් සිදුවෙමින් පවතින්නේ ජනපතිවරයා ගත් මෙම අණුවන තීරණය නිසා යැයි පරිසරවේදීහු චෝදනා කරති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS