අල්ලා ගත් නියමුවාගේ විස්තර ප්‍රසිද්ධියට

පාකිස්තාන ප්‍රහාරක ජෙට් යානා කළ පහරදීමෙන්, ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් කඩා වැටී ඇති බව පැවැසුවත්, පාකිස්තාන හමුදාව විසින් අල්ලා ගෙන ඇත්තේ එක් ඉන්දීය ගුවන් නියමුවකු පමණක් බව පැවැසෙයි.
යානය විනාශ වෙද්දී පැරෂූටයෙන් පැන්න එම නියමුවා, වින්ග් කොමෑන්ඩර් අභිනන්දන් බවත්, යුද නීතියට අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් පාකිස්තාන හමුදාවේ ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ඝාෆෝර් පවසා ඇත.
තම ගුවන් හමුදා නියමුවා අභිනන්දන් වහා ආපසු ඉන්දියාවට බාර දෙන්නැයි ඉන්දීය රජය පාකිස්තානයට දන්වා ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පාකිස්තාන කාශ්මීර දේශසීමාවට ඉහළින් උඩු ගුවනේදී, ඉන්දීය ප්‍රහාරක යානා සහ පාකිස්තාන ප්‍රහාරක යානා අතර අවි ගැටුමක් හටගත්තේය.
ඉන්දීය ප්‍රහාරක යානා දෙක පාකිස්තානයට කඩා වැටී ඇත්තේ එම අවස්ථාවේදීය. එම අවි ගැටුමේදී පාකිස්තාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව ඉන්දියාව පවසා ඇත. කෙසේ නමුත් පාකිස්තානය එය ප්‍රතික්ෂේපකරයි.
(බී.බී.සී.)

