අයි.එස්. ත්රස්තයෝ ඩකා නුවර බෝම්බ පුපුරුවති

බංග්ලාදේශයේ ඩකා අගනුවර පොලිස් වෑන් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු බවත්, ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් විසින් බාරගනු ලැබූ බවත් වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ 27 ය. ඉරාකයේ සහ සිරියාවේ තවමත් ක්‍රියාත්මක වෙන අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත්තේ අද (28) ය. ඒ, ඔවුන්ගේ වෙබ් අඩවි ඇසුරින් ප්‍රකාශයක් නිකුත් කරමිණි.
ප්‍රහාරයට හසුවීමෙන්, පොලිස් උප පරීක්ෂකවරයකු සහ තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. ප්‍රහාරය සිදු කළේ යැයි පැවැසෙන්නේ බංග්ලාදේශයේ ක්‍රියාත්මක අයි.එස්. හිතවාදී ත්‍රස්ත කල්ලියක් යැයි ඩකා පොලිසිය කියයි.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. 2016 වසරේ ජූලි මාසයේ, ඩකා අගනුවර සංචාරක ආකර්ශණයක් ලෙස ද සැලකෙන කෝපි අවන්හලකට අයි.එස්. ත්‍රස්ත සංවිධානයට හිතවත් ඉස්ලාමීය අන්තවාදීහු පිරිසක් කඩා වැදී පහර දුන්හ. එයින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. එයින් 18 දෙනකු විදේශිකයන්ය. අයි.එස්. ත්රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම බාරගත්තේය.
එම ප්‍රහාරයෙන් පසු අයි.එස්. ත්‍රස්ත හිතවාදීන් සහ ඔවුන්ට හිතවත් ඉස්ලාමීය සංවිධාන සහ කල්ලි දැඩි ලෙස මර්දනය කරමින්, අයි.එස්. ත්රස්තයන්ට සහාය දක්වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බංග්ලාදේශ රජය කඩිනමින් පියවර ගත්තේය. බංග්ලාදේශ ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.
බංග්ලාදේශ ආරක්ෂක අංශ සිදුකරන වැටලීම්වලින් අයි.එස්. හිතවාදීන් 100 කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බවත් තවත් බොහෝ දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
ඩකාහිදීය (රොයිටර්ස්)

