අයි.එස්. ත්‍රස්තයා මරා දැමේ
පුද්ගලයින් පරීක්ෂා කිරීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සහදැරූ අයි.එස් ත්‍රස්ත සමාජිකයෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් රියාද් නුවරදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වෙඩි තැබීමට උත්සහ කල පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අල්-රයියාන් දිස්ත්‍රිකයේ පිහිටා ඇති තට්ටු නිවාස වල අයි.එස් ත්රස්තවාදීන්ට සහය දක්වන කාණ්ඩායම් රැදී සිටින බවට ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව එහි රැදී සිටින පුද්ගලයින් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදි ආරක්ෂක අංශ නිලධාරීන්ට මෙම සිද්ධියට මුහුණදීමට සිදුවී ඇත.
ආරක්ෂක අංශ නිලධාරීන් පුද්ගලයින් පරීක්ෂා කරන අවස්ථාවේදි වෙඩි තැබීමට උත්සහ කල පුද්ගලයා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර එකවරම සගවා තිබු ගිනිඅවිය රැගෙන වෙඩිතැබීමට උත්සහ කර ඇත.
වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇත.
අත්අඩංගුවට ගත් අනිත් පුද්ගලයා පරීක්ෂා කිරීමේදි ඔහු සතුව තිබී ගිනි අවියක් සොයාගත් බව අමාත්‍යාංශය නිවේදනය කර සිටියේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

