අයි.එස් ත්රස්තයෝ ප්රසිද්ධියේ ගල් ගසා දෙදෙනෙකු මරති
.

අයි.එස්.අයි.එස් ම්ලේච්ඡ ත්රස්තයින් විසින් අනාචාරයේ හැසිරුණු බවට චෝදනා එල්ල කරමින් පුද්ගලයින් දෙදෙනෙකු ඇස් දෙක බැද දමා දණගස්වා සිය ගණන් ළමයින් සහ මිනිසුන් බලා සිටියදී ඉතා ක්රෑර ආකාරයෙන් නැගෙනහිර සිරියාවේ ඉරකා දේශ සීමාවට ආසන්නයේ ඇති අබු-කමල් නගරයේ චතුරශ්රෙය්දී ගල් ගසා මරා දමා ඇත.

අන්තවාදීන් විසින් මෙම පුද්ගලයින්ට ඇති චෝදනා ගල් ගසා මැරීමට ප්රථමයෙන් ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කරමින් ප්රචාරය කර ඇත.

එක් පුද්ගලයකු කාපට් එක මත දණගැස්සවීමට ඔහුට පෙර කළු කලිසමක් හා උඩුකයට සුදු ඇදුමක් අන්දවා ඇස් බැඳ මාංචුදමන ලදී. සුළු මොහොතකට පසුව ඝාතකයෝ අමානුෂික අන්දමින් ඔහුට ගල්වලින් පහර දුන්හ.

අනිත් පුද්ගලයාව සම්පූර්ණයෙන්ම සුදු ඇදුමක් අන්දවා තිබුණු අතර අත්දෙක බැඳ තිබූ බවක් හෝ මුහුණ ආවරණය කර තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඉන් අනතුරුව වධකයින් විසින් ඔළුවට හා ශරීරයට දරුණු ආකාරයෙන් ගල් ගැසීම සිදුකර ඇත. මෙම සිද්ධීන් ඡායාරූප වලට අනුව තහවුරුකර/ත හැකිය.
මේ අයි එස්. ත්රස්තවාදින් විසින් දරුණු වද හිංසා පමුණුවා පුද්ගලයන් ඝාතනය කළ පළමු අවස්ථාව නොවේ.

ජුනි මාසයේදීද විවාහක පුද්ගලයන් හතර දෙනෙකු මේ ආකාරයෙන්ම අනාචාරයේ හැසිරීමේ චෝදනාව යටතේ ගල් ගසා මරා දමන ලදී.
මරණයට පත් කරන ලද පුද්ගලයන් දෙදෙනා ඔවුන් මරා දැමිමට පෙර ඇස් බැඳ ගල් ගොඩක් අසල දණ ගස්වා යාඥා කරවූ අයුරු ඡායාරූපවලින් පෙන්නුම් කෙරිණි.
ජානක ජයතිලක
(ඩේලි මේල් ඇසුරෙනි)

