අයි.එම්.එෆ්. පදේට නැටුවත් තවමත් අපට මුදල් නෑ

‘අයි.එම්.එෆ්.’ හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නැටුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වූ ඇමෙරිකන් ඩොලර් බිලියන 6 ක මූල්‍ය පැකේජය තවමත් පාකිස්තානයට ලැබී නැතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රානා සනුල්ලා පවසයි.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6 ක මූල්‍ය සහන පැකේජයක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමැත්ත පළ කළේ නිර්දේශ රැසක් ද ඉදිරිපත් කරමිනි. පාකිස්තාන රජය පසුගිය දා ඉන්ධන මිල ඉහළ දැම්මේ ද එම නිර්දේශ අනුවය.
පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය රානා සනුල්ලා පවසන ආකාරයට පාකිස්තාන රජය අකමැත්තෙන් වුවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසූ ආකාරයට මුදල් ලැබී නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ආකාරයට ඔවුන් පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6 ක මුදලක් ලබා දෙන්නේ, කොටස් වශයෙනි. ඊට අමතරව, තමන් ඉදිරිපත් කළ නිර්දේශ සියල්ල පාකිස්තාන රජය ක්‍රියාවට නංවා නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

