අභ්‍යවකාශ බලකාය ඇරැඹේ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංකල්පයකට අනුව, ‘අභ්‍යවකාශ බලකාය’ නමින් නව හමුදා බලඇණියක් ස්ථාපිත කෙරුණි. ඒ, පෙන්ටගනය හෙවත් යුද දෙපාර්තමේන්තුවෙන් ඊට මූල්‍ය ආධාර හිමිවීමත් සමඟය.
නව හමුදා බලඇණියන් මේ අයුරින් ඇමෙරිකන් හමුදාවට එක් වන්නේ වසර 70 කට පසුව යැයි ද පැවැසෙයි. මෙම බලඇණිය ක්‍රියාත්මක වනු ඇත්තේ ඇමෙරිකන් ගුවන් හමුදාව යටතේය.
ඇමෙරිකන් ජාතික ආරක්ෂාව ශක්තිමක් කිරීම සහ අනාගතයේ අභ්‍යවකාශය සම්බන්ධයෙන් පවතින තරගයේ දී මෙම බලඇණික ක්‍රියාකාරීව සිය දායකත්වය සපයනු ඇතැයි ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේය. ඒ, නව බලඇණිය ස්ථාපිත කරමිණි.
(රොයිටර්)

