අබාධිතයකුගේ ගෙල සිඳින්න සෞදි රජය සූදානම්



රාජ්‍ය විරෝධී රැලියක් සංවිධානය කළේ යැයි චෝදනා ලැබූ විපක්ෂ ක්‍රියාකාරී ආබාධිත පුද්ගලයකුගේ ගෙල සිඳ මරණ දඬුවම ලබා දීමට සෞදි රජය සූදානම් වෙයි.
චෝදනා ලැබ සෞදි අපරාධ අධිකරණය හමුවේ වරදකරු වී සිටින මෙම ආබාධිත පුද්ගලයා මුනීර් අල් අදාම්ය. 23 හැවිරිදි මොහු අන්ධ සහ බිහිරි පුද්ගලයෙකි.
විපක්ෂ ක්‍රියාකාරියකු යැයි චෝදනා එල්ල වී ඇති අදාම්, ඉදිකිරීම් සේවකයකු ලෙස රැකියාව කළ අයෙකි. මොහුගේ පවුලේ අය පවසන්නේ අදාම් නිර්දෝෂී අයකු බවත් පොලිසිය අදාම්ට බලෙන් චෝදනා පටවා වරදකරු කළ බවත්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS