අන්තර්ජාල ආදරයෙන් සෞදි පාසල් සිසුවා අමාරුවේ

අන්තර්ජාලය ඔස්සේ තම ආගමට හා තම රටේ අන්තර්ජාල නීතියට විරුද්ධව ක්‍රියාකිරීම හේතුවෙන් සෞදි අරාබියේ පාසල් දරුවෙකු සෞදි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අබූ සින් (Abu Sin ) නමැති මෙම දරුවා කැලිෆෝනියාවේ ජිවත්වන Christina Crockett නමැති 21හැවිරිදි තරුණිය සමග මෙලෙස අන්තර්ජාලය ඔස්සේ දින කිහිපයක් ආදර සංවාදයක නියැලී ඇති බව සෞදි පොලීසිය කියා සිටී.ඔවුන් දෙදෙනා නොහික්මුණ සම්බන්ධතාවයක් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ඇතැයි එරට පොලීසිය කියා සිටී.
මෙම පාසල් දරුවා මෙම තරුණියට ආදරය ප්‍රකාශකර ඇති අතර ඇයට විවහ යෝජනාවක්ද කර ඇති බව සදහන්. එරට නීතියට අනුව එවැනි ක්‍රියාවන් සිදුකිරීම වරදක් ලෙසයි සැලකෙන්නේ.
මොවුන් දෙදෙනාගේ මෙම සංවාදය සම්බන්ධව තොරතුරු දැනගත් සෞදි ආරක්ෂක අංශ අදාළ දරුවා අත්අඩංගුවට ගෙන දඩුවම් නියමකරනු ඇතැයි විදෙස් මාධ්‍ය වර්තාකරනවා.
අන්තර්ජාලය ඔස්සේ තම ආගමට හා තම රටේ අන්තර්ජාල නීතියට විරුද්ධව ක්‍රියාකිරීම යටතේ මෙම සෞදි දරුවාට අවම වශයෙන් වසර පහක සිර දඩුවම් හා සෞදි රියාල් මිලයන තුනක දඩ මුදලක් එරට අධිකරණය විසින් නියම කරනු ඇතැයි සදහන් වේ.
තිළිණි ද සිල්වා
(දි ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි)

