අධුනික කැමරා ශිල්පියා අකුණකින් බේරෙයි



සෞදි අරාබියාවේ නැගෙනහිර හයිල් ප්‍රෙද්ශයේ අධික වැසි හේතුවෙන් ගංගාවන් පිටාර ගළන ආකරය ඡායාරූපගත කිරීමට ගිය ආධුනික ඡායාරූප ශිල්පියකු රැදී සිටින ස්ථානයට අකුණක් වැදී ඇති අතර එම අවස්ථාවේදි ඡායාරූප ශිල්පියාගේ ජීවිතය නූල‍ෙන් බේරී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

සාලේ අල්-මාසි නම් මෙම ආධුනික ඡායාරූප ශිල්පියා මහජන ආරක්ෂක ඒකකය විසින් නිකුත් කර තිබු අනතුරු ඇගවීම්ද නොසලකමින් ඡායාරූපගත කිරීම සදහා ගොස් ඇති බව වාර්තා වේ. 

අකුණ වදින ආකාරය ඔහු සමග ගිය මිතුරකු විසින් විඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇත. 

 


RECOMMEND POSTS