අගමැති මෝදිට සල්මාන්ගෙන් සුබ පැතුම්

විශිෂ්ට ජනවරමක් හිමිකර ගනිමින්, යළි අගමැති ධුරයට පත්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ඔහුගේ නව ඇමැති මණ්ඩලයට බොලිවුඞ් සුපරි නළු සල්මාන් ඛාන් සුබ පතා ඇතැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.
අගමැති මෝදිගේ නව ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් සල්මාන් ඛාන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, එය ඉතා සමබර ශක්තිමත් ඇමැති මණ්ඩලයක් කියාය. ස්ථාවර ශක්තිමත් ඉන්දියාවක් ගොඩනැගීමට අගමැති මෝදිට සහ ඔහුගේ නව ඇමැති මණ්ඩලයට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව සල්මාන් ඛාන් පවසා තිබේ.
අගමැති මෝදිගේ නම ඇමැති මණ්ඩලයට බොලිවුඞ් නළු නිළියන් බොහෝ දෙනකුගේ පැසැසුම් ලැබී ඇත. අගමැති මෝදි සහ ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට බොලිවුඞ් නළු නිළියන් වන ෂාහීද් කපූර්, කංගනා රනූත් සහ අධ්යක්ෂ කරන් ජොහාන් ද සහභාගී වූහ.
මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)

